බෝධිරාජ විද්‍යාලයීය දරුවන්ට අනාගතය ජයගැනීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය

ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමය, ජාතික තරුණ සේවා සභාව, පූගොඩ බෝධිරාජ විද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබනු ලැබූ  උසස්පෙළ සිසුන් සඳහා අනාගත අපේක්ෂාවන් ජය ගැනීම සඳහා වෘත්තීය මංපෙත් තෝරා දීමේ මාර්ගෝපදේශන වැඩසටහන 2022 පෙබරවාරි 19 දින ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ බෝධිරාජ විද්‍යාලයීය පරිශ්‍රයේ දී පවත්වන්නට යෙදුනි.

මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටකට අධික ප්‍රමාණයක් සහභාගී වුණි. වැඩසටහන සඳහා ලංකා වෘත්තීය මාර්පදේශන සංගමයේ සුදුසුකම් ලත් වෘත්තීය මාර්ගෝපදේශකයන් දස දෙනෙකු සහභාගී වූ අතර, විද්‍යාලයීය පරිගණක ඒකකයේ තාක්ෂණික දායකත්වය ද සමඟින් ජයගමු මෘදුකාංගය (career.nysc.lk) භාවිතා කරමින් වෘත්තීය යතුර පරීක්ෂණය සිදු කරමින්, අනාගත ඉලක්ක ජය ගැනීම සඳහා දරුවන් හට වඩාත් සුදුසු මාර්ගය පෙන්වා දීමට කැපවුණි.

වෘත්තීය මාර්ගෝපදේශනයවිදුහල්පතිතුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ මෙන්ම වැඩසටහන හා සම්බන්ධ වූ සිසු දරුවන්ගේ නොමද පැසසුමට ලක් වූ මෙම සද්කාර්යය, අනාගත වෘත්තීය අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙනුවෙන් ඉටු කරනු ලබන විශිෂ්ට කර්තව්‍යයක් ලෙසින් අගයනු ලැබුණි. වැඩසටහන තුළින් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අනාගත ඉලක්කයන් ජය ගැනීම සඳහා විද්‍යාලයීය දුවා දරුවන් වෙත නිසි මඟ පෙන්වීමක් වෘත්තීය මාර්ගෝපදේශකයන් මඟින් සිදු වීම සිසුන්ගේ චින්තනය පුළුල් පරාසයක් කරා රැගෙන යාමට ඉවහල් වන බව සඳහන් වුණි.

තාක්ෂණික දායකත්වය, ශ්‍රම දායක්වය මෙන්ම මනා සංවිධානය තුළින් පූගොඩ බෝධිරාජ විද්‍යාලයේ දී පවත්වන්නට යෙදුනු වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන අතිසාර්ථක වැඩසටහනක් ලෙස නිමා කරන්නට හැකියාව ලැබුණි.

ඉරන්දි දහනායක

ලංකා වෘත්තීය මාර්ගෝපෙද්ශන සංගමය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *